ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය - 17 වන ශාඛාව

ආරම්භය - 1926

About

History

Present

Future

දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවට අයත් බල ප්‍රදේශයන්

මාවනැල්ල අධ්‍යාපන කලාපය

  1. අරණායක අධ්‍යාපන කොට්ඨාශය
  2.  මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාශය
  3. රඹුක්කන අධ්‍යාපන කොට්ඨාශය

කෑගල්ල අධ්‍යාපන කලාපය

4. ගලිගමුව අධ්‍යාපන කොට්ඨාශය
5. කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශය
6.දැදිගම අධ්‍යාපන කොට්ඨාශය
7. වරකාපොල අධ්‍යාපන කොට්ඨාශය

ඉතිහාසය

කෑගල්ල දිසා බාලදක්ෂ ශාඛාවේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ 1926 වර්ෂයේදීය. එවකට ප්‍රථම දිසා කොමසාරිස් වරයා ලෙස පී. සී. දැදිගම මහතා කටයුතු කර ඇත. ප්‍රථම දිසා බාලදක්ෂ මූලස්ථානය වී ඇත්තේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය වන අතර මේ වන විට කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලයේ දිසා බාලදක්ෂ මූලස්ථානය පවත්වාගෙන යනු ලබයි.

එසේම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම කාන්තා දිසා කොමසාරිස් වරිය ලෙස 1989 දී නාලනී ඉන්ද්‍රතිස්ස මහත්මියගේ පත්වීම ඓතිහාසික සිධියක් ලෙස සඳහන් වෙයි.

එසේම 1967 වසරේ අගෝස්තු මස සෙන්පති ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 20 වන මානවක බාලදක්ෂ සමුළුව කෑගල්ල රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේදි පවත්වා ඇත

  • 1926 -1940 පී. සී. දැදිගම මයා
  • 1940 – 1943 පී. එම්. වෙගට් පියතුමා
  • 1943 – 1945 බී. එෆ්. පෙරෙරා මයා
  • 1945 – 1951 ඒ. සී. කේ. ඩිරෙක්ස් පියතුමා
  • 1951 – 1957 වී. බී. දැදිගම මයා
  • 1957 – 1962 ඩබ්. ඩී. ඒ. පෙරෙරා මයා
  • 1962 – 1971 එම්. එන්. පෙරෙරා මයා
  • 1971 – 1974 එම්. සිදම්බරම් මයා
  • 1974 – 1981 ජී. එල්. ඩී. ඊ. ද සිල්වා මයා
  • 1981 – 1986 ඩී. ජී. බී. සමරජීව මයා
  • 1986 – 1989 ඊ. එස්. ඩබ්. පෙරෙරා මයා
  • 1989 – 1995 එන්. ඉන්ද්‍රතිස්ස මිය
  • 1995 – 1998 ඒ. වී. රණසිංහ මයා
  • 1998 – 2002 ටී. ගුණරත්න මයා
  • 2002 – 2007 ඩබ්. ඒ. ජේ. සමරනායක මයා
  • 2008 – 2012 ඊ. එස්. කේ. ප්‍රේමරත්න මයා
  • 2012 – 2018 දීපාල් ගුණවර්ධන මයා
  • 2018 – 2022 උදේනි නන්දලාල් මහතා
  • 1967 වසරේ අගෝස්තු මස සෙන්පති ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 20 වන මානවක බාලදක්ෂ සමුළුව කෑගල්ල රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේදි පැවැත්වීම.
  • ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රථම කාන්තා දිසා කොමසාරිස් වරිය ලෙස 1989 දී නාලනී ඉන්ද්‍රතිස්ස මහත්මියගේ පත්වීම
  • 2008 දී ගිල්වෙල් සුහද හමුව කැ/මාව/ පින්නවල ජාතික පාසලේදී පැවැත්වීම
  • 2012 දී බාලදක්ෂ ශතසංවත්සරය වෙනුවෙන් මාවනැල්ල සති පොළ පාර බාලදක්ෂ මාවත ලෙස නම් කිරීම.